නිදන් සොයා කැණීම් කළ හයක් පොලිස් දැලේ

හොරොව්පතාන, දුටුවැව, කපුගොල්ලෑව ප්‍රදේශයේ නිදන් වස්තු ලබා ගැනිමේ අරමුණින් කැණිම් සිදු කළ පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසීය.

හොරොව්පතාන පොලිසියේ නිළධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී කැණිම් සඳහා යොදාගත් උපරණ කිහිපයක් ද පොලිසිය භාරයට ගෙන ඇත.

ඔවුන් අද(20) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන හොරොව්පතාන පොලිසිය සිදු කරයි.

Exit mobile version