මහින්ද තුවාලකරුවන් බැලීමට යයි

විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා අද(21) උදැසන බෝම්බ ප්‍රහාරයට ලක්වූ කොච්චිකඩේ කතෝලික දේවස්ථානයේ පැමිණ තත්වය පිළිබද සොයාබලා අවශ්‍ය අංශ දැනුවත් කිරීමට කටයුතු කළේය.

ඉන් අනතුරුව මිගමුව රෝහලට පැමිණි එතුමා කටාන කටුවපිටිය දේවස්ථානයේ බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කරසිටින රෝගීන්ගේ සුවදුක් විමසීමට පැමිණ තිබේ.

මෙහිදී ප්‍රහාරයෙන් ජිවිතක්ෂයට පත්වුවන්ගේ පවුලේ උදවියට විපක්‍ෂ නායකතුමා තම ශෝකය පළකර ඇත.

ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, ප්‍රසන්න රණවිර, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඉන්දික අනුරුද්ධ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද මෙම අවස්ථවට සහභාගි විය.

Exit mobile version