සිදුවූ පිපිරීම් ගැන සොයා බැලීමට ජනපතිගෙන් විශේෂ පරීක්ෂණ මණ්ඩලයක්

අද(21) දින සිදු වූ ජාතික ඛේදවාචකයට මුල් වූ කරුණු සහ එහි පසුබිම සොයා බැලීමට ඉදිරි පැය 24 ඇතුළත විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් පත් කරන බව ජනාධිපතිවරයා නිවේදනය කරයි.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් වූ වෙනත් සාධක සොයා බලා සති දෙකකක් ඇතුළත වාර්කා කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගෙන් සමන්විත මෙම විශේෂ පරීක්ෂණ කමිටුවක් පත් කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරි පැය 24 ඇතුළත විශේෂ පරීක්ෂණ කමිටුව පත් කරන බව වැඩිදුරටත් නිවේදනය කර සිටී.

Exit mobile version