තාත්තා මට පල්ලියට යන්න එපා කිව්වා – හරීන්

අද(21) සිදුවූ පිපිරීමේ මාලාව පිළිබඳ අසන්නට ලැබෙන ඇතැම් කරුණු  සලකා බැලීමේදී අදාළ අංශ විසින් දරුණු ලෙස වගකීම් පැහැර හැරීමක් සිදුකොට ඇතැයි සැකයක්  මතුවන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා කියා සිටියේ කෙසේ වුවද සිද්ධියෙන් වන්දි ගෙවීමට සිදුවූයේ රටේ අහිංසක ජනතාවට බවයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් දැනුවත් කර තිබිය දී මෙවැනි සිදුවීමක් කෙසේ සිදුවුයේ දැයි මේ වන විට ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පත්ව ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

කෙසේ හෝ මේ සිදුවු දෙය සම්බන්ධයෙන් දැඩි තීරණ ගත යුතු බවත්, වගකීමක් ගත යුතු අයට වගකීමක් ගත යුතු වනවා සේම වගකීම් පැහැර හැරිය පුද්ගලයින්ට මේ සම්බන්ධයෙන් දැඩි ලෙස ක්‍රියා කිරීමට සිදුවන බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

සතියකට කලින් ආරක්ෂ අංශ දැනුවත්ව සිටියා යනුවෙන් වාර්තා වන බවත්, යම් විදියකින් මේ පිළිබඳ සිවිල් ජනතාව දැනුවත් කර තිබුණේ නම්, යනුවෙන් මාධ්‍යවේදීන් විසින් අසන ලද පැනයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ, පියා සති 3ක් පුරා කොළඹ රෝහලක සිට ඊයේ රාත්‍රීයේ පල්ලියට එහෙම යන්න එපා යනුවෙන් පැවසු බවයි.

බුද්ධි අංශයේ මේ පිළිබඳව තොරතුරු තිබී ඇති බවත්, මෙය කෙසේ සිදුවුවා දැයි හිතා ගත නොහැකි අතර, එය දරා ගත නොහැකි දුකක් බවද අමාත්‍යවරයා පැවසීය.

කෙසේ වෙතත් මෙය දරුණු ලෙස වගකිම් පැහැර හැරීමක් ලෙස ද අමාත්‍යවරයා සඳහන් කළේය.

Exit mobile version