දෙමටගොඩ දී මියගිය අයගේ සිරුරු කොටස් කීපයක් සොයා ගනී

අද(21) සවස දෙමටගොඩ මහවිල උද්‍යානයේ පිහිටි නිවසක් අසලද සිදු වූ පිපිරීමෙන් මියගිය අයගේ සිරුරු කොටස් කිහිපයක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

දෙමටගොඩ පිපිරීම සිදුවූ නිවසේ සිටි පිරිසගේ ඥාතීන් පිරිසක් අද පස්වරුවේ පොලිස් භාරයට ගැණුනා.

කාන්තාවන් 6 දෙනෙක් කුඩා දරුවන් තිදෙනෙකුද සමඟ පොලිස් භාරයට ගැණුනු අතර පිරිමි පුද්ගලයින් 3 දෙනෙක් ද ඒ අතර වෙයි.

මේ අතර දෙමටගොඩ නිවසේ අද රාත්‍රිය වනතුරුම පරීක්ෂණ සිදු කෙරුණු අතර එහිදී නිවස තුළ තිබී සිරුරු කොටස් කිහිපයක් පොලීසිය සොයාගත්තා

අද සිදුවූ පිපිරීම් සඳහා කොළඹට පුපුරණ ද්‍රව්‍ය රැගෙන ආ බවට සැකකෙරෙන වෑන් රථයක්  වැල්ලවත්ත ප්‍රදේශයේදී පොලිස් භාරයට ගෙන ඇති අතර එහි රියදුරු ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම කටයුතු සඳහා භාවිත කළ බව කියන පානදුර ප්‍රදේශයේ නිවසක් පිළිබඳවත් තොරතුරු තහවුරු කරගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.

අද(21) සිදුවූ පිපිරීම්වලට අදාළව පුද්ගලයින් 13දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

එම සැකකරුවන් 13දෙනාගෙන් 10 දෙනෙකු වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබේ.

Exit mobile version