කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සතියකින් කල් යයි

කොරියානු රැකියා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් තෝරාගැනීම සඳහා කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව පවත්වනු ලබන කොරියානු භාෂා විශේෂ පරීක්ෂණ සතියකින් කල් දැමීමට තීරණය කර ඇති විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

හෙට(23) දින ආරම්භ කිරීමට නියමිතව තිබූ කොරියානු භාෂා විශේෂ පරීක්ෂණ සතියකින් කල් දැමීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය තීරණය කර ඇත.

ඒ අනුව, නැවත මෙම විභාගය පැවැත්වෙන කාල සටහන 2019.04.25 වන දින ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිල වෙබ් අඩවියේ www.slbfe.lk පල කරනු ලබයි.

මෙම කාල සටහන 2019.04.25 වන දින පරීක්ෂා කර බලා නියමිත දිනට සහ නියමිත වේලාවට විභාගය සඳහා සහභාගි වන ලෙස කාරුණිකව දන්වා සිටින බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

Exit mobile version