යුක්රේන ජනපති ධූරය විකට රංගන ශිල්පියෙකුට හිමිවෙයි

යුක්රේන ජනාධිපතිවරණයෙන් ජය ගැනීමට එරට හාස්‍යෝත්පාදක රංගන ශිල්පියෙකු වන වොලොඩිමීර් සෙලන්ස්කි සමත්ව ඇත.

41 හැවිරිදි වොලොඩිමීර් දේශපානයට නවකයෙකු වන අතර මීට සති තුනකට පෙර පැවති පළමු වටයේ ඡන්ද විමසීමේදී සියට 70වට වැඩි ජනතා සහයක් ලබා ගෙන තිබුණි.

නිල ප්‍රතිඵල මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති වුවද ඔහු තම ආධාර කරුවන් සමඟ ඊයේ (21) ජයග්‍රහණය සැමරු බව විදෙස් වාර්තාවල දැක්වුණි.

Exit mobile version