Home දේශීය පුවත් රන් ජාවාරමකට 5ක් මාට්ටු – පොලිස් නිළධාරීන්ගේත් සම්බන්ධයක්

රන් ජාවාරමකට 5ක් මාට්ටු – පොලිස් නිළධාරීන්ගේත් සම්බන්ධයක්

0
රන් ජාවාරමකට 5ක් මාට්ටු – පොලිස් නිළධාරීන්ගේත් සම්බන්ධයක්

එල්.ටී.ටී.ඊ සංවිධානයේ රත්‍රං තොගයක් රුපියල් ලක්ෂ 300ක මුදලකට අයථා අයුරින් ගනුදෙනු කිරීම වෙනුවෙන් පැමිණි පුද්ගලයින් 05 දෙනෙකු ඊයේ(22) රාත්‍රියේ කිලිනොච්චිය ධර්මපුරම් ඩෙත්බාර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

කිලිනොච්චිය විශ්වමඩු යුධ හමුදා නිළධාරීන් විසින් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී සැකපිට අල්ලා ගත් වෑන් රථයක සිටි පුද්ගලයින් පස්දෙනෙකුයි මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

සිදුවීම සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසියට අනුයුක්ත පොලිස් නිළධාරීන් සිවි දෙනෙකු ද සම්බන්ධ වී ඇති බවට මුලික පරීක්ෂණයන්ගෙන් අනාවරණය වී ඇත.

අදාළ ජාවාරම්කරුවන් පැමිණි වෑන් රථයක්, කුඩා කැබ් රථයක්, යතුරුපැදියක් ද අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් වෙනුවෙන් සහයෝගය දැක්වීම වෙනුවෙන් කිලිනොච්චිය පොලීසියට අනුයුක්ත පොලිස් නිළධාරීන් සිව් දෙනෙකු පැමිණ ඇත.

අදාළ පිරිස් ඉහළ නිළධාරීන්ගේ අවසරයෙන් තොරව පොලීසියෙන් පිටත්ව සහයෝගය දැක්වීම පිණිස යතුරුපැදිවලින් පැමිණ ඇති බවත්, ජාවාරම්කරුවන් හසුවු අවස්ථාවේ යතුරුපැදිවලින් පළාගොස් ඇති බවත් කිලිනොච්චිය ආරක්ෂක අංශ ප්‍රකාශ කර ඇත.

සැකකරුවන් අද(23) කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය ධර්මපුරම් පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version