අම්පාරේ හිමිකරුවෙකු නැති යතුරු පැදියක් පරීක්ෂාවට – නඟරයේ යතුරුපැදි නවත්තන්න එපා

අයිතිකරුවෙකු නැති යතුරු පැදියක් අම්පාර නගරයේ නවතා දමා තිබියදි සොයා ගත් අතර පසුව පොලිස් විශේෂ කාර්යය බලකාය සහ පොලීසිය එක්ව නගරයේ මාර්ග වසා දමා එම යතුරැ පැදිය දැඩි පරීක්ෂාවකට ලක් කර ඇත.

අයිතිකරුවකු නැති යතුරැ පැදියක් පිළිබඳව තොරතුරැ ලැබීමෙන් අනතුරුව පොලිස් විශේෂ කාර්ය බලකායේ කලාප අණදෙන නිළධාරි විසින් පොලිස් විශේෂ කාර්ය බලකායේ බොම්බ නිශ්ක්‍රීය අංශයේ නිළධාරීන් එම ස්ථානයට යවා යතුරු පැදිය දැඩි පරීක්ෂාවකට ලක් කර ඇති බව වාර්තා වෙයි.

පැයකට ආසන්න කාලයක් යතුරු පැදිය නිරීක්ෂණය කල පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිශ්ක්‍රීය අංශයේ නිළධාරින් එම යතුරැ පැදියේ පුපුරන ද්‍රව්‍ය නොමැති බව සනාථ කර ගෙන ඇත.

මෙම පරීක්ෂාව අවසන් වෙන මොහෙතේ යතුරුපැදියේ අයිතිකරු එම ස්ථානයට පැමිණ ඇති අතර යතුරු පැදිය මෙම ස්ථානයේ නවතා තමා ඔහු කල්මුනේ ගිය බවට ප්‍රකාශ කොට ඇත.

පාන්දර ඇතිවු  අධික වර්ෂාව හේතුවෙන් යතුරැ පැදිය මෙම ස්ථානයේ දමා ගිය බව ඔහු ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් මේ හේතුව නිසා අම්පාර ඩී.එස්.සේනානායක වීදියේ ගමනාගමන කටයුතු මෙන්ම ව්‍යාපාරික ස්ථාන විවෘත කිරීම පැයක පමණ කාලයක් ප්‍රමාද වී ඇත.

නගරයේ යතුරු පැදි නවතා නොයන ලෙසට මහජනතාව දැනුවත් කිරීමට ආරක්ෂක අංශ නියෝජිතයින් මෙහිදී පියවර ගෙන ඇත.

Exit mobile version