Home දේශීය පුවත් යුද්ධ හමුදා පොදුසමා කාලසීමාව ලබන 22 දක්වා දීර්ඝ කරයි

යුද්ධ හමුදා පොදුසමා කාලසීමාව ලබන 22 දක්වා දීර්ඝ කරයි

0
යුද්ධ හමුදා පොදුසමා කාලසීමාව ලබන 22 දක්වා දීර්ඝ කරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් නිවාඩු නොමැතිව සේවයට නොපැමිණ සිටින හමුදා අය වෙනුවෙන් ප්‍රකාශයට පත්කර තිබු පොදු සමා කාලසීමාව (අද) 15 අවසන් වේ. මෙම කාලසීමාව තුලදි නිළධාරින් 10 ක්, කෙඩෙට් නිළධාරින් 08 ක් සහ සෙසුනිලයින් 8034 ක් ඇතුළු හිටපු යුද්ධ හමුදා සාමාජිකයින් 8052 ක් ඔවුන්ගේ නීත්‍යානුකූල අස්කිරීම් කටයුතු සිදුකර ගැනීම සඳහා රපෝර්තු කර තිබේ.

එහෙත් විවිධ හේතුන් මත රපෝර්තු කිරීමට නොහැකිවු අයවළුන් ඔවුන්ගේ අස්වීම ලබාගැනීම සඳහා රපෝර්තු කිරීමට මෙම සහන කාලය දිර්ඝ කරදෙන ලෙසට කරන ලද ඉල්ලීම, ඔවුන් සේවයේ යෙදී සිටියදී ඉටුකරන ලද සේවය පිළිබඳ සලකා බැලීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපති තුමන් විසින් සන්නද්ධ සේවාවන්හී සේනාධිනාක ජනාධිපතිවරයා වෙතින් ඉල්ලුම් කිරීමෙන් පසු ඒ සඳහා සතියක කාලයක් එනම් හෙට (16) සිට ලබන 22 දක්වා දිර්ඝ කිරීම අනුමත කර ඇත.

ඒ අනුව නිවාඩු නොමැතිව රපෝර්තු නොකර සිටින යුද්ධ හමුදා සාමාජිකයින් හට ඉදිරි සතිය තුලදි ඔවුන් අයත් රෙජිමේන්තු මධ්‍යස්ථාන වෙත රපෝර්තු කර නීත්‍යානුකූල අස්කිරීම් ලබාගැනීමට තවදුරටත් හැකියාව ඇත.

මෙම කාලසීමාව තුල නීත්‍යානුකූල අස්වීම ලබාගැනීමට කටයුතු නොකරන අයවළුන් ලබන 23 දින සිට දීප ව්‍යාප්තව සිදු කරනු ලබන වැටලීම් තුලින් අත් අඩංගුවට ගැනීමට කටයුතු කරනු ලැබේ.

තවද, මෙම පොදුසමා කාලය ඔවුන්ගේ අභිවෘද්ධිය සඳහා ප්‍රකාශයට පත්කර ඇති බැවින්, නීත්‍යානුකූල අස්වීම ලබාගැනීමේ ඇති වැදගත්කම පිළිබඳ ඔවුන් දැනුවත් කර උනන්දු කරවන ලෙසට ඥාතීන්ගෙන් මෙන්ම ප්‍රදේශයේ ආගමික නායකයින් සහ ග්‍රාම නිළධාරිවරුන්ගෙන් යුද්ධ හමුදාව ඉතා කාරුණිකව ඉල්ලා සිටි.

එමෙන්ම යුද්ධ හමුදාවෙන් පැනගොස් සහ නිවාඩු නොගෙන රාජකාරියට වාර්ථා නොකර සිටින හමුදා සාමාජිකයින්හට රැකියා ඉඩ ප්‍රස්ථා සැලසීම සහ ඔවුනට රැකවරණය ලබාදීම දණ්ඩ නීති සංග්‍රහයේ 133 වගන්තිය යටතේ දඩුවම් ලැබීය හැකි වරදක් බැව්ද දන්වා සිටිනු ලැබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version