ලංකාවට එන්න එපා යැයි රටවල් කිහිපයකින් නිවේදන

ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නන්ට සංචාරක අවදානම් නිවේදන නිකුත් කළ රටවල් අතරට දකුණු කොරියාවත් එක්වෙයි.

මීට පෙර ඇමෙරිකාව, ඔස්ට්‍රේලියාව සහ චීනය තම රට වැසියන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී සංචාරක අවදානම් නිවේදන නිකුත් කර තිබුණි.

ඒ අනුව, දකුණු කොරියාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සංචාරක අවදානම ඉහළම මට්ටමට ගැනීමට කටයුතු කර තිබේ.

“ශ්‍රී ලංකාවේ සංචාරය කරන අපේ ජනතාවට වැඩි අවධානයක් යොමු කරන ලෙස අප දන්වා සිටිනවා. එමෙන්ම, එම කලාපයේ සංචාරය කිරීමට බලාපොරොත්තු වන ජනතාව තම සංචාරය සිදුකළ යුතුමද යන්න පිළිබඳව වඩාත් අවධානයෙන් සැලකිලිමත් විය යුතු වෙනවා.”

Exit mobile version