පිපිරිමෙන් පුද්ගලයන් 21ක් දැඩි සත්කාර ඒකකයේ

දේවස්ථාන සහ හෝටල් සංකීර්ණ ඉලක්ක කර ගනිමින් පසුගියදා සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාවෙන් මියගිය සංඛ්‍යාව 359 ක් දක්වා ඉහල ගොස් ඇත.

තවත් පිරිසක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව පොලිසිය පැවසුවේය.

කොළඹ ජාතික රෝහලේ තුවාලකරුවන් 84 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන අතර ඉන් 21 දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂිකා සමින්දි සමරකෝන් මහත්මිය පවසයි.

මීගමුව රෝහලේ තුවාලකරුවන් 17 දෙනෙකු, මඩකලපුව රෝහලේ 21 දෙනෙකු සහ රාගම රෝහලේ 6 දෙනෙකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

Exit mobile version