හරීන්ට වෙච්ච දෙයක්

මෙම ප්‍රහාරයන් පිළිබඳව අදහස් පළකළ තමන්ට සිදුවූයේ පණිවිඩකරුට වෙඩි තැබීමක් වැනි දෙයක් බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ තමන්ගේ පියා සාමන්‍ය පියෙකු තම දරුවෙකුට කියන දෙයක් තමන් වෙත පැවැසූ බවයි.

ප්‍රහාරය එල්ල වන විට තමන් සිටියේ බදුල්ලේ දේව මෙහෙයට එක්ව බවත් ඒ අවස්ථාවේදීම තමන් අග්‍රාමාත්‍යවරයා ඇමතූ බවත් ප්‍රකාශ කළේය.

තම දරුවන් බම්බලපිටිය පල්ලියේ පාස්කු මෙහෙයට එක්ව සිටි බවත් ඔවුන් උදෑසන 11ට කොළඹ කිංග්ස්බරි හෝටලයට පිටත්වීමට නියමිතව තිබූ බවත් ඔහු ප්‍රකාශ කළේය.

Exit mobile version