අස්ගිරි පාර්ශවයෙන් විශේෂ නිවේදනයක්

ජාතික අවශ්‍යතාව සලකා බුද්ධි අංශ නිලධාරින්ට පොදු සමාවක් දීමට වහාම කටයුතු කළ යුතු බව අස්ගිරි පාර්ශ්වය අවධාරණය කරනවා. අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ කාරක සංඝ සභාව පවසන්නේ බෙදුම්වාදී ත‍්‍රස්තවාදයට එරෙහිව එම පිරිස සිදු කළ ජාතික මෙහෙවර සුළු පටු නොවන බවයි.

වර්තමානයේ ආගමික අන්තවාදය රට තුළ ශක්තිමත්ව ව්‍යාප්ත වූයේ පළ පුරුදු ආරක්ෂක බුද්ධි අංශ නිලධාරීන් විශාල පිරිසක් විවිධ හේතු මත සිරගත කර සිටීම යන්න ප‍්‍රකට කරුණක්. මාවනැල්ලේ බුදු පිළිම වැනසු අවි ආයුධ ගත් ආගමික ත‍්‍රස්තවාදීන් කිසිදු විභාගයකින් තොරව නිදහස් කිරීමට දේශපාලඥයින් ක‍්‍රියාකර ඇති බවට දැනගන්නට ඇති බවයි අස්ගිරි පාර්ශ්වය පවසන්නේ.

ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රියාත්මක ඉස්ලාම් ආගමික අන්තවාදී කණ්ඩායම් සිදු කරන සාහසික ක‍්‍රියා හේතුවෙන් රටේ උද්ගතව ඇති ව්‍යසනය වළක්වා ගැනීමට ගත යුතු ක‍්‍රියාමාර්ග සඳහන් කරමින් අස්ගිරි පාර්ශ්වය මෙම කරුණු ඇතුළත් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, ජනාධිපතිවරයා, අග‍්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා ඇතුළු වගකීම් දරණ දේශපාලඥයින්ගේ අවධානය පිණිසයි.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ආගමික අර්බුදයේ යථා ස්වභාවය හඳුනා නොගෙන විදේශීය බලපෑම්වලට යටත්ව වෛරි පක්ෂ දේශපාලනයට වහල්ව කටයුතු කරන්නේ නම් එවැනි රාජ්‍ය නායකත්වය නිසැකවම ජනතාවගෙන් ප‍්‍රතික්ෂේප වන බවයි.

Exit mobile version