සංවිධානගත මුස්ලිම් කණ්ඩායම් තහනම් කරන්න ඉල්ලයි

රට තුළ සංවිධාන ගතව සිටින කුඩා මුස්ලිම් කණ්ඩායම් සියල්ල වහාම තහනම් කරන්නැයි මුස්ලිම් බුද්ධිමය සංගමය ඉල්ලයි.

ඊයේ(24) කොළඹදී මාධ්‍ය සාකච්ඡාවදී එම සංගමයේ නියෝජිතයින් රජයෙන් මෙම ඉල්ලීම කළේය.

මේ අතර ඔවුන් සඳහන් කරන්නේ සුළු පිරිසක් සිදුකළ මෙම ත්‍රස්ත ක්‍රියාව හේතුවෙන් රටේ සුළු ජන කොටසක් ලෙස ජීවත් වන මුස්ලිම් ජනතාව මේ මොහොත වන විට ඉතා අසරණ භාවයට පත්ව ඇති බව ත්  මේ පිළිබඳ සමස්ථ මුස්ලිම් ජනතාවකට චෝදනා නොකරන ලෙසත්ය.

 

Exit mobile version