Home විදෙස් පුවත් පත්තරයකට වෙච්ච දෙයක්

පත්තරයකට වෙච්ච දෙයක්

0
පත්තරයකට වෙච්ච දෙයක්

ඔස්ට්‍රේලියාවේ ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පත වැරදීමකින් වෙනත් තරගකාරී පුවත්පතක පිටු දෙකක් තම පුවත්පතේ මුද්‍රණය කිරීමේ සිදුවීමක් වාර්තා වෙයි.

සිඩ්නි නගරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පත, මෙසේ වැරදීමකින් තම පුවත්පතට ඈඳාගෙන ඇත්තේ සිඩ්නි මෝනිං හෙරල්ඩ් පුවත්පතේ පිටු දෙකකි.

මෙම පිටුවල දේශගුණික විපර්යාසයන් සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීම සම්බන්ධ ලිපියක් පැවති බව කියැවෙයි.

කෙසේ වෙතත්, මෙම සිදුවීමෙන් පසුව ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පත සමාව ඉල්ලා ඇති අතර, මෙය පුවත්පත් මුද්‍රණ ක්‍රියාවලිය අතරතුර සිදුවූ ප්‍රමාද දෝෂයක් බව පවසා තිබේ.

මෙම පුවත්පත් දෙකම සිඩ්නි නගරයේ එකම මුද්‍රණාලයක මුද්‍රණය වන බවත්, එහිදී ඇති වූ ප්‍රමාද දෝෂයෙන් සිදුවූ අපහසුතාව පිළිබඳ කනගාටුව ප්‍රකාශ කරන බවත් ඔවුන් ට්විටර් පණිවුඩයකින් පවසා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version