ජනපති මල්වතු මහා විහාරය හා අස්ගිරි ගෙඩිගේ රාජ මහා විහාරය වෙත

මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප‍්‍රදානෝත්සවයට සහභාගීවීම සඳහා ඊයේ (15) මහනුවරට ගිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මල්වතු මහා විහාරය වෙත ද ගොස් ආගමික වතාවත්වල නිරත විය.

අනතුරුව මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබිබටුවාවේ ශී‍්‍ර සුමංගල නායක හිමිපාණන් වහන්සේ බැහැදැක උන්වහන්සේ සමග කෙටි පිළිසදරක නිරත වු අතර ඉන් අනතුරුව ජනාධිපතිවරයා පැමිණියේ අස්ගිරි ගෙඩිගේ රාජ මහා විහාරය වෙතයි.

එම විහාරස්ථානය ද වැදපුදාගත් ජනාධිපතිවරයා විහාරාධිපති ශාස්ත‍්‍රපති පණ්ඩිත පූජ්‍ය වේඩරුවේ උපාලි නායක හිමිපාණන් වහන්සේ බැහැදැක සුවදුක් විමසීය. උන්වහන්සේ සමග කෙටි පිළිසදරක නිරත වෙමින් අස්ගිරි විහාරයේ ඓතිහාසික පසුබිම පිළිබදව ද සාකච්ජා කළ ජනාධිපතිවරයා විහාරස්ථානය ආශි‍්‍රත ඓතිහාසික ලිපි ලේඛන ද නිරික්ෂණය කරනු ලැබීය.

දැනට මහනුවර ශී‍්‍ර දළදා මාළිගාව ආශි‍්‍රතව ඇති විහාරස්ථාන අතර ඉපැරණි විහාරය ලෙස අස්ගිරි ගෙඩිගේ විහාරය සැලකේ. විහාර පරිශ‍්‍රයේ නිරික්ෂණ චාරිකාවක නිරත වෙමින් එහි පෞරාණික ස්ථාන නැරඹීය.

Exit mobile version