සයින්දමර්දු ප්‍රදේශයෙන් සැක සහිත සිරුරු 4ක්

අම්පාර සයින්දමර්දු ප්‍රදේශයේදී මරාගෙන මැරුණු බවට සැක සහිත මළ සිරුරු 4ක් ආරක්ෂක අංශ විසින් සොයාගෙන ඇත.

අම්පාර සයින්දමර්දු ප්‍රදේශයේ මීට ඊයේ (26) රාත්‍රියේ පොලිස් විශේෂ කාර්ය බලකාය සහ තවත් පිරිසක් අතර වෙඩි හුවමාරුවක් සිදුව තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකරමින් සිටි සෝදිසි මෙහෙයුමක් අතරතුරදී මෙම වෙඩි හුවමාරුව සිදුව ඇති බව වාර්තා විය.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් පවතියි.

Exit mobile version