Home දේශීය පුවත් සන්නිවේදන උපකරණ රැසක් නල්ලතන්නියෙන් සොයා ගැනේ

සන්නිවේදන උපකරණ රැසක් නල්ලතන්නියෙන් සොයා ගැනේ

0
සන්නිවේදන උපකරණ රැසක් නල්ලතන්නියෙන් සොයා ගැනේ

නල්ලතන්නිය පොලිසිය මගින් ඊයේ (26) ප්‍රදේශයේ සිදු කළ සොදිසි මෙහෙයුමකදි සන්නිවේදන උපකරණ රැසක් සහ දුරස්ථ පාලක ඇම්ප්ලිෆරයක් සහ එයට අදාල උපකරණ රැසක් සොයා ගැනිමට හැකි වු බව නල්ලතන්නිය පොලිසිය පවසයි.

එක්සත් ආරාබි රාජ්‍යයේ පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් කටයුතු කරන එරට පදිංචි ශ්‍රි ලංකාවේ නියෝජිතයෙකු වශයෙන් හදුන්වා දෙන අයෙකුට අයත් මස්කෙලිය පික්විව් වතුයායේ ඔහු මෙරටට පැමිණි අවස්තාවේ නවාතැන් ගන්නා කාමරයේ තිබි මෙම සන්නිවේදන උපකරණ රැස අත්අඩංගුවට ගත් බවයි නල්ලතන්නිය පොලිසිය
පැවසුවේ.

එම කාමරයේ තිබි විශාල දුර ප්‍රමාණයකට කතා කල හැකි වොල්කි ටොකි සන්නිවේදන යන්ත්‍ර හතරක්, දුරස්ත පාලකයක් සම්බන්ධ කරන ඇම්ප්ලිසරයක් සහ එයට අදාල උපකරණ රැසක්ද පොලිස් භාරයට ගෙන ඇත.

අක්කර 82 සමන්විත එම වතුයායේ පාලන කටයුතු සොයා බැලිම සඳහා එක්සත් අරාබි රාජ්‍යයේ පදිංචි එම අධ්‍යක්ෂකවරයා එරට සිට නිතර නිතර මෙරටට පැමිණෙන බවත්, ඔහු පැමිණෙන බොහො අවස්තාවල පෞද්ගලික හෙලිකොප්ටර් යානාවක් මගින් එම වතුයායයට පැමිණෙන බවයි නල්ලතන්නිය පොලිසිය කියා සිටියේ.

හෙලිකොප්ටර් යානයක් එම වතුයායේ ගොඩ බැස්සවිම සඳහා ගුවන් පතයක්ද සකස් කර ඇති බවත් එම වතුයායයට පිටස්තර අයට ඇතුල්විය නොහැකි අකාරයට මෙරට පෞද්ගලික අංශයක ආරක්ෂක නිලධාරින් පවා යොදවා ඇති බවයි පොලිසිය පැවසුවේ.

පික්විව් වතුයාය මෙරට පදිංචි වතු අධිකාරවරයෙකු සහ සහකාර වතු අධිකාරිවරයෙකු යටතේ පාලනය වන අතර එහි කටයුතු සොයා බැලිමට එකසත් අරාබි රාජ්‍යයේ පදිංචි අධ්‍යක්ෂකවරයා එම වතුයායයට පැමිණෙන බවද වාර්තා වෙයි.

අත්අඩංගුවට ගත් සන්නිවේදන උපකරණ සම්බන්ධයෙන් දැනට එම වතුයායේ පාලන කටයුතු සිදු කරන වතු අධිකාරිවරයා සහ සහකාර වතු අධිකාරිවරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත්, ඔහුන් දෙදෙනා හරහා එම සන්නිවේදින උපකරණ මෙරටට රැගෙන ආ එක්සත් අරාබි රාජ්‍යයේ පදිංචි අධ්‍යක්ෂකවරයාට නල්ලත්නිනය පොලිසිය වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස ඔවුන් හරහා දැනුම් දි ඇති බවයි නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපති
පොලිස් පරික්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතා කියා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version