බෝම්බ කල්ලියේ සැකකරුවන් දෙදෙනාගේ රියදුරු අත්අඩංගුවට

මරාගෙන මැරෙන බෝම්බ කල්ලියේ සැකකරුවන් 6 දෙනාගෙන් දෙදෙනෙකු වන මොහොමඩ් ඉබ්‍රහිම් ෂාදික් අබ්දුල්ලා හක් සහ ඔහුගේ සහෝදරයා වන මොහොමඩ් ඉබ්‍රහිමි සාදික් අබ්දුල් හක් යන අය අද (28) අලුයම පොලිස් විශේෂ කාර්යය බලකාය සහ යුද හමුදාව එක්ව කළ මෙහෙයුමකදී නාවලපිටිය ප්‍රදේශයේදි අත්අඩංගුවට ගැණුනේය.

අදාළ සැකකරුවන් දෙදෙනා අනුරාධපුරයේ සිට ගම්පොළ දක්වා පැමිණි වෑන් රථය නාවලපිටිය කරහදුන්ගල ප්‍රදේශයේ නිවසක තිබී පොලිස් භාරයට ගෙන ඇත.

අදාළ නිවසේ හිමිකරුද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

එසේම එම රථය පැදවූ රියදුරු ද අද(28)  අලුයම නාවලපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තේය.

Exit mobile version