ඉන්දුනීසියාවේ ඡන්ද ගණන් කළ සේවකයන් 270ක් මරුට

ඉන්දුනීසියානු මැතිවරණයට සම්බන්ධව සිටින සේවකයන් 270ක් මැතිවරණ රාජකාරීන් සමග ඇති වූ විවිධ රෝගාබාධ හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

එහිදී, දිනකට අධික පැය ගණනක් මැතිවරණ ගණනය කිරීම් අතින් සිදුකිරීමට ඔවුන් සිදුව ඇති අතර, මෙම සමස්ත ක්‍රියාවලිය සඳහා යොදාසිටි 1,878ක තවත් පිරිසක් රෝගාතුර වී ඇති බව මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙකු පැවසීය.

පසුගිය අප්‍රේල් 17 වැනිදා පැවති මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම සඳහා මිලියන 7ක පිරිසක් සේවයේ යෙදී සිටින බව කියැවෙයි.

එහිදී, ඔවුන්ට රාත්‍රිය දක්වාම සේවය කිරීමට සිදුවන අතර, එහි සේවයේ යෙදී සිටි බොහෝ දෙනෙකු දැඩි වෙහෙසකාරී පරිසරයක තම කාර්යය සිදුකරන බව සඳහන් වෙයි.

රටේ මිලියන 260ක ජනතාවක් ජනාධිපතිවරණය, මහ මැතිවරණය සහ ප්‍රාදේශීය මැතිවරණ වෙනුවෙන් එකවර ඡන්දය ප්‍රකාශ කළ ප්‍රථම අවස්ථාව ලෙසද මෙය සැලකෙයි.

Exit mobile version