අම්පාරට අවශ්‍ය ඖෂධ, ශල්‍ය උපකරණ කඩිනමින් ලබා දෙයි

අම්පාර දිස්ත්‍රික්කයේ පවතින තත්ත්වය මත හදිසි තත්ත්වයක් ඇති වුවහොත් ප්‍රතිකාර කිරිම සඳහා අවශ්‍ය ඖෂධ සහ ශල්‍ය උපකරණ තොගයක් දිස්ත්‍රික්කයේ රෝහල්වලට කඩිනමින් ලබාදුන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

අම්පාර මහ රෝහල, කල්මුණේ උතුර මුලික රෝහල, කල්මුණේ අෂ්රෝෆ් මහ රෝහල සහ ප්‍රාදේශීය ඖෂධ ගබඩා වෙත එම ඖෂධ හා ශල්‍ය උපකරණ සෙනසුරාදා (27) රාත්‍රියේ ම ලබාදුන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කරයි.

තවත් ඖෂධ අවශ්‍ය වුවහොත් කොළඹ වෛද්‍ය සැපයුම් අංශයෙන් ලබාදීමට ද නියමිතය.

එම දිස්ත්‍රික්කයේ සියලුම රෝහල්වල සෞඛ්‍ය කාර්ය මණ්ඩල ද ප්‍රතිකාර සේවාවන් සදහා සීරුවෙන් තබා ඇති බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

Exit mobile version