රට රැකියාව අතහැර කතුන් 57ක් දිවයිනට එයි

ගෘහ සේවය සඳහා කුවේටය වෙත ගොස් සිටියදී එරට හාම්පුතුන්ගේ හිරිහැර, කරදර වලට භාජනය වූ ශ්‍රී ලාංකික කාන්තාවන් 57ක් අද(29) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

ඔවුන් කුවේටය වෙත ගොස් සිටියදී, එරට හාම්පුතුන්ගෙන් එල්ලවන හිරිහැර, කරදර තවදුරටත් ඉවසා සිටිය නොහැකි විටදී, ඔවුන් සිය සේවා ස්ථාන වලින් පලා යමින් සිටියදී, එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත මොවුන් භාර දී ඇත.

මෙම පිරිස ඔවුන්ගේ වියදමින් ගුවන් ටිකට් පත් මිලදී ගෙන තිබූ අතර, ඔවුන් තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර යටතේ මෙරටට පැමිණ තිබුණි.

මෙම හිරිහැර, කරදර නිසාම අසනීප තත්ත්වයේ පසු වූ කාන්තාවන් දෙදෙනකු ද මෙම පිරිස අතර සිටි බවටයි සඳහන් වන්නේ.

Exit mobile version