ශ‍්‍රී ලංකා කණ්ඩායමට ලබාදෙන ආරක්ෂාව සම්බන්ධයෙන් යළි සළකා බලන ලෙස ඉල්ලීමක්

ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේදී ශ‍්‍රී ලංකා කණ්ඩායමට ලබාදෙන ආරක්ෂාව සම්බන්ධයෙන් යළි සළකා බලන්නැයි ශ‍්‍රි ලංකා ක‍්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලීමක් කර තිබේ.

ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගී වන සෑම රටකම කණ්ඩායම් සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මකයි.

එහෙත් මතුව ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් ශ‍්‍රී ලංකා කණ්ඩායමට ලබාදෙන ආරක්ෂාව සම්බන්ධයෙන් යළි සළකා බලන ලෙසයි එහිදී ඉල්ලීමක් කර තිබෙන්නේ.

මෙවර ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය මැයි 30 වනදා සිට ආරම්භ වීමට නියමිතයි.

Exit mobile version