ප්‍රහාරයෙන් කඩා වැටුණු සංචාරක කර්මාන්තය නඟා සිටුවන්න කමිටුවක්

පසුගිය පාස්කු ඉරු දින සිදුවූ අවාසනාවන්ත සිදුවීම් හේතුවෙන් බලපෑම් එල්ල වූ සංචාරක කර්මාන්තය නඟා සිටුවීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍යවරුන් 5 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ සඳහා සංචාරක සංවර්ධන, වනජීවි හා ක්‍රිස්තියානි ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ සභාපතීත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුවක් පත් කිරීමට ඊයේ(30) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

පාස්කු ඉරු දින සිදුවූ අවාසනාවන්ත සිදුවීම හේතුවෙන් සංචාරක කර්මාන්තය මුහුණ දී ඇති තත්ත්වය මඟ හරවා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කමිටුව විසින් සිදු කිරීමට නියමිතයි.

Exit mobile version