Home දේශීය පුවත් යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙක් මරුට

යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙක් මරුට

0
යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙක් මරුට

අලව්ව පොලිස් වසමේ මහරව්චිමුල්ල ප්‍රදේශයේ සිදුවූ යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයෙක් බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබෙන බවට වාර්තා වෙයි.

අලව්ව, මහරච්චිමුල්ල අතුරු මාර්ගයකදී යතුරුදිය පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගේට්ටු කණුවක ගැටී මෙම අනතුර සිදු ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අදාළ අනතුරින් යතුරුපැදිකරු සහ පසුපැදිකරු බරපතළ තුවාල ලබා අලව්ව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු යතුරුපැදියේ පැදිකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 29 හැවිරිදි හේන්ඩුවා වත්ත, තැප්පිටිවලාන ලිපිනයේ පදිංචි අයෙකි.

අලව්ව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version