Home විදෙස් පුවත් ඉන්දියාව තුළත් බුර්කාව තහනම් කිරීමට යෝජනා

ඉන්දියාව තුළත් බුර්කාව තහනම් කිරීමට යෝජනා

0
ඉන්දියාව තුළත් බුර්කාව තහනම් කිරීමට යෝජනා

බුර්කාව පැළඳීම තහනම් කිරීමට ශ්‍රී ලංකාව ගත් පියවර ඉන්දීය රජය ද අනුගමනය කළ යුතු බව ඉන්දීය ශිව්සේනා සංවිධානය එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

පසුගිය පාස්කු ඉරිදා ශ්‍රී ලංකාව තුළ සිදුවූ ප්‍රහාරයෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අනන්‍යතාවය තහවුරු කරගත නොහැකි මුහුණු ආවරණය තහනම් කිරීමට ගත් පියවර ඉතා ප්‍රශංසනීය බවයි එම පක්ෂය පවසා තිබුණේ.

ඒ අනුව ඉන්දීය රජය ද මෙම ක්‍රියාමාර්ගය අනුගමනය කළ යුතු බව ශිව්සේනා සංවිධානය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියේ.

යම් ආගමික සම්ප්‍රදායක් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන සේ පැවතියහොත් එය අවසන් කිරීමට රජය පියවර ගත යුතු බව එම සංවිධානය වැඩිදුරටත් පවසා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version