පුරා වස්තු ගන්න කැණීම් කළ 4ක් අත්අඩංගුවට

පුරා වස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු ඌරුබොක්ක, මෙලොග්ගමුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් සතු තිබී කැණීම් උපකරණ සහ පූජා භාණ්ඩ තොගයක්ද පොලිස් බාරයට ගෙන ඇත.

ඔවුන් ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බවයි පොලීසිය පැවසුවේ.

සැකකරුවන් මොරවක මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

Exit mobile version