Home දේශීය පුවත් තැපැල් ලිපි 600ක් සමඟ අත්අඩංගුවට ගත් 03ක් CCDයට

තැපැල් ලිපි 600ක් සමඟ අත්අඩංගුවට ගත් 03ක් CCDයට

0
තැපැල් ලිපි 600ක් සමඟ අත්අඩංගුවට ගත් 03ක් CCDයට

මධ්‍යම තැපැල් හුවමාරුවේදී ලිපි 600ක් සමඟ සැකකරුවන් තිදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අද(03) කොළඹ අපරාධ කොට්ඨාශය වෙත බාර දී ඇත.

මධ්‍යම තැපැල් හුවමාරුවේදී ඊයේ (02) මෙම ලිපි තොගය සමඟ සැකකරුවන් තිදෙනා පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේය.

අදාළ ලිපි තොගය ලංකාව පුරා ඇති විවිධ විහාරස්ථානවලට යොමු කර තිබී ඇත.

කෙසේ‍ වෙතත් ලිපි පිළිබඳ සැක සිතීමෙන් අනතුරුව කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ නිලධාරීන් විසින් ඒ බව ‍පොලීසියට දැනුම් දී තිබේ.

අදාළ ලිපි සඳහා ජනාධිපතිවරයාගේ නම ඇතුළත්ව තිබී ඇති අතර, ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයේ හා රාජ්‍ය විරෝධී කරුණු රැසක් සඳහන්ව තිබී ඇත.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ඇමතිවරයෙකුගේ කාර්ය මණ්ඩලට අයත් සාමාජිකයින් බව තවදුරටත් අනාවරණය වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version