නවසීලන්ත අගමැතිනිය විවාහ ගිවිස ගෙන

නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩ්න් විවාහ ගිවිසගෙන ඇත.

දීර්ඝ කාලයක සිට සිය පෙම්වතා වූ ක්ලාක් ගේෆෝඩ් සමඟ අග්‍රාමාත්‍යවරිය විවාහ ගිවිසගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කුඩා දියණියකගේ මව්පියන් වන ඔවුන් දෙදෙනාගේ විවාහ මංගලෝත්සවය ඉදිරි දිනක දී පැවැත්වීමට සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍යවරියගේ කාර්යාලය නිවේදනය කර ඇත.

38 හැවිරිදි නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩන් පසුගිය වසරේ ජුනි මාසයේ දී මව්පදවිය ලැබුවේ අග්‍රාමාත්‍ය ධුරයේ රැදී සිටියදී මව්පදවිය ලැබූ ලොව දෙවන අග්‍රාමාත්‍යවරිය බවට පත්වෙමිනි.

පුද්ගලයින් 50කට අධික පිරිසකට මරු කැඳවමින් පසුගිය මාර්තු මස 15 වැනිදා ක්‍රයිස්චර්ච් නුවර සිදුවූ වෙඩි ප්‍රහාර මාලාවෙන් පසු අනුගමනය කළ පියවර හේතුවෙන් නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩන් ලොව පුරා බොහෝ පිරිසකගේ ප්‍රසාදයට ලක්වුණි.

Exit mobile version