කාර්මික හා වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශය ජනපතිට

ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ කාර්මික හා වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශය අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීය.

ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ඩබ්ලිව්.අයි සිරිවීර මහතා විසින් එම ප්‍රකාශය ජනාධිපතිතුමා වෙත පිළිගැන් වූ අතර එහි උපසභාපති (ප්‍රතිපත්ති) ආචාර්ය ජී.බී. ගුණවර්ධන, උපසභාපති (සැලසුම්) ආචාර්ය ටී.ඒ. පියසිරි යන මහත්වරුන් සහ තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිසමේ සභාපති මහාචාර්ය දයන්ත විජේසේකර මහතා ඇතුථ පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

Exit mobile version