රටේ ආරක්ෂාව යහපත් අතට පත්වෙමින් තිබෙනවා

රටේ ආරක්ෂක තත්ත්වය මේ වන විට යහපත් අතට පත්වෙමින් පවතින බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියි.

විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ රටේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව කෙරෙහි දැඩි විශ්වාසයකින් ජනතාව තුළ පවතින බවයි.

අපවත් වී වදාල පුජ්‍ය අලුත් නුවර සුමනතිස්ස නාහිමිපාණන් වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පල කළේය.

Exit mobile version