කඩු බාර දෙන්න තව පැය 48ක්

නිවෙස්වල හෝ යම් යම් ස්ථානයන් හි තිබූ නීති විරෝධී කඩු, කිනිසි හා උල් පිහි ආදිය පොලිස් ස්ථානය වෙත බාර දීමට තිබු කාලය පැය 48 කින් දිගු කර තිබේ. අද(06) රාත්‍රී 12 ට අවසන් වීමට තිබුණි.

ඒ අනුව අද රාත්‍රී 12 සිට තවත් පැය 48 කින් දීර්ඝ කිරීමට පොලීස් මුලස්ථානය තීරණය කර ඇත.

තමන් සතුව ඇති සියලුම නීති විරෝධි ආයුද මැයි මස 04 සහ 05 දෙදින තුළ ළඟම ඇති පොලිස් ස්ථානය වෙත භාර දෙන ලෙසට පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

ඒ අනුව, කඩු , කිනිසි, උල් පිහි වැනි ආයුද නීති විරෝධිව තමන් සන්තකයේ ඇත්නම් වහාම එම ආයුධ ළඟම ඇති පොලිස් ස්ථානයට බාර දෙන ලෙස පොලීසිය සඳහන් කළේය.

Exit mobile version