වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ 9 දෙනෙකුට ඇප

කොළඹ ෂැංග්‍රීලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ ත්‍රස්තවාදින්ට අයත් වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට පත් සැකකරුවන් 10 දෙනාගෙන් 9 දෙනෙකු ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය.

රහස් පොලීසිය හා ත්‍රස්ත මර්ධන කොට්ටාශයේ සමග එක්ව සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව එම සැකකරුවන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

සැකකරුවන් නව දෙනෙකු ඇප මත මුදාහැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා අනෙක් සැකකරු ලබන 20 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළේය.

Exit mobile version