Home දේශීය පුවත් හිටපු TNA මන්ත්‍රිවරයෙක්ට සිව් වසරක සිරදඬුවමක්

හිටපු TNA මන්ත්‍රිවරයෙක්ට සිව් වසරක සිරදඬුවමක්

0
හිටපු TNA මන්ත්‍රිවරයෙක්ට සිව් වසරක සිරදඬුවමක්

රජයේ වාහනයක් අවභාවිත කිරීමේ චෝදනාවට වරදකරු වු දිගාමඩුල්ල දිස්ත්‍රික් හිටපු දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී පී.එච්.පියසේන මහතාට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර හතරක සිරදඬුවමක් නියම කර තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් මෙම දඬුවම නියම කළ අතර සිරදඬුවමට අමතරව රුපියල් ලක්ෂ 54ක දඩයක් ද නියම කළේය.

දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබුවහොත් අමතර වසර දෙකක බරපතළ සිරදඬුවම් නියම කරන බව නඩු තීන්දුවේ සඳහන් වෙයි.

විත්තිකරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළ අවදියේ අග්‍රාමාත්‍ය කාර්යාලය, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය ලබාදුන් ප්‍රාඩෝ රථයක් එම මන්ත්‍රී ධුරය අහිමි වීමෙන් පසුව ආපසු රජයට භාර නොදී අවභාවිත කළ බවට චෝදනා කරමින් පියසේන මහතාට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබුණි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා සඳහන් කළේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වි තිබෙන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version