සන්නිවේදන ජාලාවලට බාධා කරන උපකරණ අටක් සමඟ අයෙක් අත්අඩංගුවට

දුරකථන මාර්ග ඇතුළු විවිධ සන්නිවේදන ඡාලවලට බාධා කිරීමට යොදා ගන්නා උපකරණ 8ක් සමඟ අයෙකු මීගමුවෙදී අත්අඩංගුවට ගෙන තිබේ.

මීගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එක්ව සිදු කරන ලද සෝදිසි මෙහෙයුමක දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

අද(07) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මේ බව කියා සිටියේය.

මෙහිදී අත්අඩංගුවට ගෙන තිබෙන්නේ මීගමුව ලාසරස් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Exit mobile version