සිනමා ශාලාවල මත්පැන් අලෙවිය අත්හිටුවන්න අනුමැතිය

ජාතික චිත්‍රපට සංස්ථාව විසින් සිනමා ශාලාවල මත්පැන් අලෙවි බලපත්‍ර සඳහා නිර්දේශ ලිපි නිකුත් කිරීම අත්හිටුවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ජාතික චිත්‍රපට සංස්ථාව ස්ථාපිත කිරිමෙන් පසු මල් අවධියේ දී සිනමා ශාලාවල මත්පැන් අලෙවිහල් ස්ථාපිත කිරීම සඳහා ජාතික චිත්‍රපට සංස්ථාව මැදිහත් නොවුවද පසුකාලීනව සිනමාහල්වල මත්පැන් අලෙවිහල් පවත්වා ගෙන යෑම සඳහා එම සංස්ථාවේ නිර්දේශ සහිත ලිපියක් සුරාබදු දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.

සිනමා ශාලා තුළ මත්පැන් අලෙවිහල් ස්ථාපිත කිරීම මඟින් සිනමා ප්‍රේක්ෂක සංඛ්‍යාව ඉහළ නැංවීමට අපේක්ෂා කල ද මත්පැන් හා දුම්වැටි පානය කරන්නන් හේතුවෙන් අනෙකුත් ප්‍රේක්ෂකයින් අපහසුතාවයට ලක් වෙන බව නිරීක්ෂණය වී ඇති බව ද රජය පෙන්වා දෙයි.

Exit mobile version