යතුරුපැදි – ටිපර් අනතුරකින් කාන්තාවක් මරුට

අද(08) උදෑසන හයිලෙවල් මාරගයේ හංවැල්ල, පහත්ගම මන්සංධියේ යතුරුපැදියක් හා ටිපර් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් කාන්තාවක් ජිවිතක්ෂයට පත්ව ඇති බවට වාර්තා වෙයි.

මිය ගිය කාන්තාව ලොතරැයිපත් බෙදා හැරීමේ රැකියාවක නිරතව සිටන අතර අද උදෑසන පාදුක්ක ප්‍රදේශයේ ලොතරැයි අලෙවි නියෝජිතයෙකුගෙන් ලොතරැයි පත් මිල ගෙන පැමිණෙන අවස්ථාවේදී මෙම අනතුර සිදුව තිබේ.

මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ හංවැල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක් වන 45 හැවිරිදි රොමේෂා අනුරුද්ධිකා නැමති කාන්තාවකි.

අනතුරට සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අවිස්සාවෙල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදරිපත් කිරීමට නියමිතයි.

හංවැල්ල පොලීසිය සිද්ධිය සම්බන්දයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Exit mobile version