ග්වාතමාලාවේ සිරකදවුරක වෙඩි තැබීමකින් 7ක් මරුට

ග්වාතමාලා සිටී අගනුවර පිහිටි සිරකදවුරක ඇති වූ වෙඩි තැබීමක් හේතුවෙන් දැඩි කලබලකාරී තත්ත්වයක් ඇති විය.

සිදුවූ වෙඩි තැබීමෙන් එහි රැදවූවන් හත්දෙනෙක් මියගොස් තවත් 20කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවද සදහන්.

මේ වෙඩි තැබීම සිදුව ඇත්තේ, සිරකදවුරේ රදවා සිටි දෙපිරිසක් අතර හටගත් ගැටුමක් සමනය කිරීමට ආරක්ෂක අංශ සහ බන්ධනාගාර නිලධාරීන් ගත් උත්සාහය අතරතුරයි.

රැදවූවන් දෙපිරිස අතර හටගත් ගැටුම බෙහෙවින් කලහකාරී ලෙස වර්ධනය වී ඇති අතර ගැටුම් පාලනය සදහා පැය 8 ඉක්ම වූ කාලයක් ගතව තිබුණි.

වෙඩි ප්‍රහාරයන්ද එල්ල කර අවසානයේ කෙසේ හෝ ගැටුම පාලනය කෙරුණු අතර පසුව තුවාල ලැබූවන් රෝහල් කරා යොමුකළ බවයි බලධාරීන් පැවසුවේය.

මේ වන විට එහි තත්ත්වය මුලුමනින්ම පාහේ පාලනය කර ඇති බවද ඔවුන් වැඩිදුරටත් සදහන් කර තිබේ.

ග්වාතමාලාවේ පාවේන් සිරකදවුරේ විවිධ වරද සම්බන්ධයෙන් වරදකරුවන් වූ 4 000කට අධික පිරිසක් රදවා සිටියි.

කෙසේ වෙතත් 1970 වසරේදී ඉදිකිරීම් අවසන් කළ මේ සිරකදවුරේ ඉඩකඩ ඇත්තේ රැදවූවන් දහසකට පමණයි.

2016 වසරේදී ඉන් පලායාමට සිරකරුවන් පිරිසක් ගත් උත්සාහයක් අතරතුර ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 14දෙනෙක් මිය ගියේය.

Exit mobile version