ප්‍රහාරයට ගොදුරු වූ පල්ලි බලන්න සනත් යයි

පාස්කු ඉරිදා ප්‍රහාරයට ගොදුරු වූ කොච්චිකඩේ හා කටුවපිටිය පල්ලි දැක බලා ගැනීම සඳහා හිටපු ක්‍රිකට් සනත් ජයසූරිය එක්ව තිබේ.

ඔහු සඳහන් කරන්නේ තමන් බෞද්ධයෙකු වුවත් තම ක්‍රීඩා දිවිය තුළ මෙම පල්ලිවලට පැමිණි බවත් එය අඛණ්ඩව සිදුකරන බවත් ඔහු පවසයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අනෙක් අය මෙන්ම තමන්ද කනගාටුවට පත්වන බව සනත් පවසයි.

Exit mobile version