නෙදර්ලන්ත තානාපති සහ විපක්ෂ නායක අතර හමුවක්

නෙදර්ලන්ත තානාපති Jonne Doornewaard මහත්මිය සහ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා අතර හමුවක් අද(10) පෙරවරුවේ විජේරාම නිල නිවසේදී පැවැත්විණි.

පසුගිය පාස්කු ඉරුදින සිදු වූ මිලේච්ච ත්‍රස්ත ප්‍රහාරය ගැන තානාපතිතුමිය නෙදර්ලන්ත රජයේ හා එරට ජනතාවගේ කණගාටුව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා වෙත මෙහිදී ප්‍රකාශ කළාය.

එම ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් නෙදර්ලන්ත ජාතිකයෙකු ජීවිතක්‍ෂයට පත්වී ඇති අතර තමන් ඒ පිළිබඳව කණගාටු වන බව නෙදර්ලන්ත තානාපතිතුමිය වෙත විපක්‍ෂ නායක ප්‍රකාශ කළේය.

තවද, නෙදර්ලන්ත සංචාරකයින් ශ්‍රී ලංකාවට ඒම සඳහා මෙරට ආරක්‍ෂක තත්වය යළි යථා තත්වයට පත්විය යුතු බවද තානාපතිතුමිය සඳහන් කළාය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල, හිටපු විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් යන මහත්වරුන්ද එක්වූහ.

Exit mobile version