ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කළ ට්විටර් ගිණුම් අත්හිටුවයි

ත්‍රස්තවාදය ප්‍රවර්ධනය වන ආකාරයෙන් කටයුතු කළ ට්විටර් ගිණුම් එක්ලක්ෂ පනස්දහසකට අධික සංඛ්‍යාවක් මාස 05 ක කාලයක් තුළ අත්හිටුවීමට පියවර ගත් බව එම සමාගම පවසා සිටියි.

පසුගිය වසරේ ජුලි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා වන කාලය තුළ ගිණුම් එක්ලක්ෂ හැටහයදහස් පන්සිය දහතුනක් අත්හිටුවීමට පියවර ගත් බව ට්විටර් සමාගම පවසා සිටියේය.

රටවල් 86ක රජයන් විසින් සිදුකරන ලද ඉල්ලීම් සැළකිල්ලට ගනිමින් මෙම අත්හිටුවීම සිදුකර ඇති අතර ඒ සම්බන්ධයෙන් වැඩිම ඉල්ලීම් සංඛ්‍යාවක් ලැබී ඇත්තේ අමෙරිකාවෙන් බව ද සඳහන්ය.

ට්විටර් වෙබ් අඩවියේ ආරම්භයේ සිට මේ දක්වා විවිධ හේතුන් මත ගිණුම් හාරලක්ෂ පනස්හයදහස් නවසිය අසු නවයක් අත්හිටුවා ඇති බවද එම සමාගම පෙන්වා දී ඇත.

Exit mobile version