ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රියක් පිළි පැනලා

කොලොන්නාව සිට අනුරාධපුර දක්වා ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියක් ශාවස්තිපුර දුම්රිය ස්ථානයේදී අද  (13 දා) උදෑසන පීලි පැනීමට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඉන්ධන ටැංකි දහයකින් සමන්විත මෙම දුම්රිය එන්ජින් දෙක සහ ඉන්ධන ටැංකියක් මෙලෙස පීලි පැනීමට ලක්ව ඇති අතර, තිරිංග පද්ධතිය ඇති වූ දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවට දුම්රිය නිලධාරින් සැක කරයි.

එම දුම්රිය පීලිගත කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවත් උතුරු දුම්රිය මාර්ගයේ අනෙකුත් දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදු වන බව දුම්රිය ප්‍රකාශකයෙක් මෙහිදී පැවසීය.

Exit mobile version