ගම්පහ පොලිස් කොට්ඨාශයට පොලිස් ඇඳිරි නීතිය පනවයි

ගම්පහ පොලිස් කොට්ඨාසයට වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

ඒ අනුව හෙට(14) උදෑසන 6 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව පොලිසීය පවසයි.

ගම්පහ, මිනුවන්ගොඩ, දොම්පේ, ගණේමුල්ල, කිරිඳිවැල, මල්වතුහිරිපිටිය, මීරිගම, නිට්ටඹුව, පූගොඩ,වේයන්ගොඩ, වීරගුල, වැලිවේරිය, පල්ලේවෙල හා යක්කල පොලිස් වසම්වලට බලපැවැත්වෙන පරිදි මෙම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙයි.

Exit mobile version