මඟහැරුණුු විෂය කරුණු ආවරණයට මාස ‌දෙකක්වත් අවශ්‍යයි

පසුගිය දිනවල පාසල් නොපැවැත්වීම හේතුවෙන් මගහැරුණු විෂය කරුණු ආවරණය කිරීම සඳහා අතිරේක මාස දෙකක කාලයක් අවශ්‍ය වන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

මේ වන විට මාස 1 1/2ක් තිස්සේ පාසල් දරුවන්ගේ අධ්‍යන කටයුතු ඇනහිට තිබෙන බවත්, මෙලෙස දිගින් දිගටම පාසල් වසා දැමීමට කඩාකප්පල්කාරී කණ්ඩායමකට උවමනා වී තිබෙන බවත් ඇමතිවරයා සඳහන් කළේය.

එහෙත් දරුවන්ගේ අනාගය ගැන සිතා බුද්ධි අංශ හා ආරක්ෂක අංශ ලබාදුන් උපදෙස් අනුව පාසල් ආරම්භ කිරීමට රජය තීරණය කළ බවත්, ඒ අනුව පාසල් පවත්වාගෙන යෑම සඳහා රජය ගතහැකි සෑම පියවරක්ම ගන්නා බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

Exit mobile version