Home දේශීය පුවත් හමුදාපතිගෙන් නිවේදනයක්

හමුදාපතිගෙන් නිවේදනයක්

0
හමුදාපතිගෙන් නිවේදනයක්

මේ අවස්ථාව වන විට වයඹ පළාතේ යම් යම් ස්ථානවල සිවිල් ජනතාවට අයත් දෙපල වලට ඇතැම් පිරිස් හනී සිදු කර ඇති බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.

මෙම හනී සිදුකරන්නේ ප්‍රදේශයේ බිමත්ව සැරිසරණ ඇතැම් පුද්ගලයන් බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව දැනුම් දුන්නේය.

මේ වන වට එම ප්‍රදේශ ආවරණය වන පරිදි ත්‍රීවිධ හමුදාවේ බට පිරිස් සහ පොලීසිය එක්ව ආරක්ෂාව සපයන බවද එම නිවේදනයේ සඳහන් වේ.

ජනතාවගෙන් ඉල්ලීමක් සිදු කරමින් හමුදාපතිවරයා පැවසුවේ එම කැරලි කොලහාල සිදු කරන පිරිස්වෙත එක්කාසු නොවි තම නිවෙස් තුලට වී සමකාමීව සිටින ලෙසයි.

පනවා ඇති නීතින්ට අවනත නොවී කටයුතු සිදු කරන සෑම පුද්ගලයෙකුටම තදින් නීතිය ක්‍රියාත්මක කරන බවද ඒ මහතා පැවසීය.

එලෙස් වුවහොත් යුද හමුදාවට සිය බලය යෙදීමට සිදු වන බවත් එවිට යම් යම් ප්‍රශ්න වලට මුහුණ දීමට සිදු විය හැකි බවත් ඒ මහතා පවසයි.

ආගම් වාදී ජාතී වාදී නැතිව නොවී මෙම අවස්ථාවේදි කටයුතු කරන ලෙසට හමුදාපතිවරයා දන්වා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version