Home දේශීය පුවත් දෙවියන් පය ගහන් නැති බිමේ මෝඩයෝ පිනුම් ගහනවා

දෙවියන් පය ගහන් නැති බිමේ මෝඩයෝ පිනුම් ගහනවා

0
දෙවියන් පය ගහන් නැති බිමේ මෝඩයෝ පිනුම් ගහනවා

සමාජය තුල නිවැරදි මතය තහවුරු කිරිමට මැදහත්විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසිය.

මාතරදි පැවති ජන හමුවක් අමතමින් ඔහු  මේ  බව පැවසිය.

අපට තියෙනවා ප‍්‍රධාන රාජකාරියක් සිදුකිරිමට . එක තමයි මුහුණු පොතේ ඉන්නවා පණ් ඩිතයෝ ටිකක් ආචාර්යවරු , මහාචාර්යවරු  වගේ මත පලකරනවා . හරි ලේසියි රු100 කාඩ් එකක් විතරයි යන්නේ.

අර කතාවක් තියෙනවනේ දෙවියන් පය ගහන් නැති බිමේ මෝඩයෝ පිනුම් ගහනවා කියලා. ඒවයින් තමයි  මත නැගෙන්න පටන් ගන්නේ.

තේරුමක් තියෙන සමාන්‍ය ජනතාව නිදහසේ ඉද්දි තේරුමක් නැති මෝඩයන්  පිරිසක් මත ඉදිරිපත් කරනවා . ඒ අයගේ මත හඬ බවට පත් වෙනවා . මට මතක් වෙනවා කලූ ජාතික නායකයෙක් කියපු කතාවක් ඔහු කිව්වේ  අපේ යුගයේ තිබෙන ඛේදවාචකය  නපුරු මිනිසුන්ගේ නපුරුකම් නොව හොඳ මිනිසුන්ගේ නිහඬ  බවයි කියලා . එයයි අද වෙලා තියෙන්නේ ’’ යැයි ඔහු  පැවසිය .

තාමත් හොඳ මිනිස්සු නිහඬ වෙලා ඉන්නවා . කවුද එතකොට හඬ  නගන්නේ නපුරු මිනිසුන් පමණයි . ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ විදියට අපට වගකිමක් තියෙනවා මේ තත්ත්වය හොඳට  තේරුම් ගෙන සමාජය තුළ නිවැරදි මතය තහවුරු කරන්න අප මැදිහත් වෙන්න ඕන . එකවර පිළිනොගනියි. නමුත් අසල්වැසියන් , මිතුරුන්ට මේක  පැහැදිලි කරන්න මොකද අපේ සමාජය බහුතරය ජාතිවාදියි එකයි මම කියන්නේ ’’ යැයි සිල්වා මහතා තවදුරටත් පැවසිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version