එක්සත් ජනපදයේ ඇලබාමා ප්‍රාන්තයේ ගබ්සාව තහනම්

එක්සත් ජනපදය තුළ ගබ්සාව තහනම් කරමින් දැඩි නීති පැනවූ තවත් ප්‍රාන්තයක් බවට ඇලබාමා ප්‍රාන්තය පත්ව තිබේ.

වර්ෂ 1979 දී ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඇමෙරිකාවේ ගබ්සාව නීතිගත කරමින් පැනවූ නීතිය වෙනස් කිරීමට එරට තුළ මේ වනවිට බලවේගයක් නිර්මාණය වෙමින් පවතින බව විදෙස් වාර්තා පවසයි.

ප්‍රාන්තයේ සෙනට් මණ්ඩලය විසින් ගබ්සාව තහනම් කිරීමේ මෙම නව පනතට සහාය දැක්වීමත් සමග එය නීතියක් බවට පත්ව ඇත.

ඒ අනුව, දරු ගැබක් දරා සිටින මවගේ ආරක්ෂාවට හැරුණු විට කිසිම ආකාරයේ ගබ්සාවක් මෙම නව නීතිය යටතේ තහනම් කෙරෙයි.

එමෙන්ම, ඇලබාමා පාර්ලිමේන්තු නියෝජිතයන්ද 74 – 3ක් ලෙස මෙම මස මුලදී මෙම පනතට සහාය පළ කරනු ලැබීය.

Exit mobile version