අනාගතයේ දී හොඳ වෘත්තිකයින් බිහිකොට, ඔවුන්ගේ ජීවන තත්ත්වය ද උසස් කළ යුතුයි – අධ්‍යාපන අැමති

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පසුගිය දා මහනුවර විහාරමහාදේවි විදුහලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමින් පැවසුවේ, කාන්තාවන් අඩු වැටුපකට මැදපෙරදිග සේවයට යැවීම නොව, පිළිගත් වෘත්තිකයින් ලොවට සැපයීමෙන් මෙරටට විදේශ විනිමය ලබාගැනීම රජයේ අනාගත බලාපොරොත්තුව බව බවයි.
අනාගතයේ දී හොඳ වෘත්තිකයින් බිහිකොට, ඔවුන්ගේ ජීවන තත්ත්වය ද උසස් කොට ඔවුන් තුළින් රට සංවර්ධනය කරා ගෙන යා යුතු බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
රටේ අධ්‍යාපන පද්ධතිය ඒ සඳහා සූදානම් කරවිය යුතු බවත්, රටේ පාසල් පද්ධතිය වෙත මෙහි විශාල වගකීමක් පැවරෙන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
මෙහිදී වසරේ කැපී පෙනෙන විෂය නිපුණතා දැක් වූ සිසුන් වෙත තිළිණ, සහතික මෙන්ම සම්මාන ප්‍රදානය සිදු කෙරුණේ ද අධ්‍යාපන අමාත්‍යවරයා අතිනි.
Exit mobile version