ගංජා මිශ්‍ර මදන මෝදක ලග තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට

ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි සන්තකයේ තබා ගත් තරුණයන් තිදෙනෙක් හැටන් සුරාබදු කාර්යයාලයේ නිලධාරින් විසින් ඊයේ(15) රාත්‍රීයේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

සැකපිට අත්අඩංගුවට ගත් තරුණයන් හැටන් කොටගල ප්‍රදේශයේම පදිංචිකරුවන් බවත්, එම සැකකරුවන් හැටන් කොටගල ප්‍රදේශයේ තරුණයන්ට මදන මෝදක අලෙවි කරන බවට ලද තොරතුරක් මත මෙම වැටලිම සිදු කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා සන්තකයේ තිබි මදන මෝදක ග්‍රැම් 150 ක් අත්අඩංගුවට ගත් බවයි මෙම වැටලිම සිදු කළ නිලධාරින් කියා සිටියේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Exit mobile version